ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
- Editor
- September 14, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව කඩිනම් තීරණ ගැනීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව අදාළ අනුකමිටුව සඳහා ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ඇතුළත් බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ගතයුතු ඉහළ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

