ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි
- Editor
- October 17, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව සඳහා ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
පීඩාවට පත් පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආපදා සහන සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බවත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් මඟින් එම සහන කටයුතු සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
දිවයිනේ පවතින කාලගුණ සහ ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සඳහන් කර තිබෙනවා.

