ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්
- Editor
- September 29, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් දුන්නේය.
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දුන්නේය. මේ අනුව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

