විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ පැවති හමුවකට සහභාගී විය. ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ පැවත්වුයේ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේ පැවසීය.
“මේ රටේ ප්‍රධාන කාර්යයක් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පිළිගන්න පුළුවන් දේශපාලන විසදුමක් දෙනවා, කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ මේ ගැන උනන්දුවක් දක්වනවද නැත්නම් කොළඹ නගරයේ ෆෝමියුලා වන් රේසින් පවත්වද? අද කතාකරන්නේ ෆෝමියුලා වන් රේසින් ගැන රටේ ප්‍රශ්න විසදන්නේ නැහැ”