අහුංගල්ලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට
- Editor
- October 17, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වෙඩි තැබීම සිදු කිරීමට T56 ගිනිඅවිය ලබාදුන් පුද්ගලයා වන අතර ඔහු 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ (16) එම සැකකරු රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

