අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට
- Editor
- October 17, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පවුල් 13,902 කට අයත් 55,435 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

