අමනාප වූ පෙම්වතිය යාළු කර ගැනීමට ගිය තරුණ පෙම්වතාට වැඩ වරදී

Spread the love

අමනාප වූ පෙම්වතිය යළි මිතුරු කර ගැනීමට හා ඇය බිය ගැන්වීමට ගෙල වැලලාගන්නා ආකාරය රඟ දැක්වූ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු 17 හැවිරිදි ගෙල සිරවීමෙන් මිය ගොස් ඇත.

නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහුගේ සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය.

මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පෙම්වතිය අමනාප වීම නිසා ඇය නැවත යහළු කරගැනීමට හා බිය කිරීම සඳහා මිය යන බව පවසා ගෙලෙහි ලණුවක් ගැටගසා ගෙලවැලලාගන්නා ආකාරයට රඟ දක්වා ඇති බව පොලීසියට අනාවරණය වී ඇත.

එහිදී තරුණයාගේ ගෙලෙහි වූ ලණුවේ ගැටය එකවරම සිරවීමෙන් තරුණයා මරණාසන්න වී ඇති බවට පොලීසිය සැක පල කරන අතර ප්‍රදේශවසී ජනතාව විසින් තරුණයා රෝහලගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් මිය ගොස් සිට ඇත.

 

Related Posts