අපේ දරුවන් ගැන රෝහිණී කවිරත්න කළ ‘බිහිසුණු හෙළිදරව්ව‘

Spread the love

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

රට තුළ පවතින මන්දපෝෂණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබෙන අතර එහි කමිටු සාමාජිකාවක වන රෝහිණී කවිරත්න මහත්මිය විසින් එම වාර්තාව අද සභාවට ඉදිරිපත් කළාය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ රටේ දරුවන්ගේ තත්ත්වය මෙසේ නම් කාන්තාවන්ගේ මන්දපෝෂණ තත්ත්වය ගැන කතා කිරීමටවත් දෙයක් නොමැති බවයි.

‘අම්මලා කාලා ළමයින්ට නොදී හිටියා නෙමෙයි නේ. අම්මලා නොකා නොබී දරුවන්ට කන්න බොන්න දීලාත් තත්ත්වය මේක නම් මේ අම්මලාගේ පෝෂණ තත්ත්වය ගැන අපිට හිතා ගන්නවත් බැහැ‘ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

Related Posts