අපේ එකම අභිලාශය වන්නේ, නිවාස අහිමි ජනතාවගේ සිහින මාළිගය‍ යථාර්තයක් බවට පත්කිරීමයි..

Spread the love

“කව්රුත් කැමති තමන්ට තමන්ගේම කියලා නිවසක ජීවත් වෙන්න. අපේ එකම අභිලාශය වන්නේ, මේ උතුරු කොළඹ ප්‍රදේශයේ නිවාස අහිමි ජනතාවගේ සිහින මාළිගය‍ යථාර්තයක් බවට පත්කිරීමයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය, අද එතුමාගේ පුතා ඉදිරියට ගෙනයනවා. ඒ තුළින් වසර 10 ක් යන්න කළින් මේ ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසදනවා කියලා මම වගකීමෙන් පවසනවා. අපි තරුණ තරුණියන්ට හැකි අයුරින් රැකියා ලබා දුන්නා. නමුත් ඒවා ප්‍රමාණවත් නැහැ. හැකියාවට රැකියාවක් ලබාදෙමින්, තරුණ ප්‍රජාව නගා සිටුවාලීමේ කාර්යය ඉටුකරන බවට මම පොරොන්දු වෙනවා. මේ ප්‍රදේශයේ පාරවල් වාහන යන්න නෙමෙයි, බෝට්ටු යන්න පුළුවන් ඒවා. තවත් මාස 06 ක් යන්නට මත්තෙන් මේ අඩුපාඩු, යටිතල පහසුකම් සියල්ල සම්පූර්ණ කරලා, ඔබේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන විසදුම් ලබාදීමට කටයුතු කරනවා කියලා මම වගකීමෙන් පවසනවා. ඒ නිසා තව දින කිහිපයකින් උදාවෙන ජනාධිපතිවරණයේදී මේ ප්‍රදේශයෙන් 85% කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාදීලා, සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රහණයක් ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා” යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකලේ ඊයේ පස්වරුවේ මට්ටක්කුලිය, කදිරාන ප්‍රදෙශයේ පැවති ජනපති ජය තහවුරු කිරීමේ රැස්විමකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාතය කරුණානායක මහතා,

” වසර 5 කට කළින් ජනතාව නිර්භීතව අපට වරමක් ලබා දුන්නා. එදා තිබුණ ඒකාධිපතිවාදය නැති කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නයි ඔබ එදා අපට ඒ බලය ලබා දුන්නේ. අපිට හැකිවුණා ඔබ බලාපොරොත්තු වූ ආකාරයෙන් බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපිට හැකිවුණා. නමුත් හවුල් ආණ්ඩුවකින් ඇතිවූ අවුල් නිසා ජනතා බලාපොරොත්තු නිසි පරිදි ඉටු කරන්න අපට නොහැකිවුණා. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නැවත වරක් අපි කෙරෙහි විශ්වාසය තබලා අපට වරමක් ලබාදෙන්න අපේම ආණ්ඩුවක් තුළින් ඔබගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ කරන්න කියලයි.

උතුරු කොළඹ කියන්නේ ඉතාමත් ශක්තිමත් ආසනයක්. ඒ වගේම නගරසභාවට ඉදිරිපත් වු අපේකෂකයින් 17 දෙනෙක්ම දිනවපු ලංකාවේ එකම ආසනයත් මේ ආසනයයි. මේ ප්‍රදේශයේ පවතින අඩුපාඩු පිළිබදව මම මේ වනවිට සොයාබලා තිබෙනවා. අතව මාස 03 ක් යන්නට මත්තෙන් ඒ ජනතාවට පවතින අඩුපාඩු සියල්ලක්ම සම්පූර්ණ කරන්න මම පියවර ගන්නවා. ඒ වගේම සජිත් සමග රනිල් ගොඩනගන නව ආණ්ඩුව තුළින් මේ ප්‍රදේශයට අත් නොවූ සංවර්ධනය නොවැම්බර් 16 දායින් පසුව මේ ප්‍රදේශයට රැගෙන එන බවට මම වගකීමෙන් කියන්න කැමතියි.

අපි බලය ඉල්ලන්නේ ජනතාවට වැඩ කරන්නයි. 2015 ලබාදුන්න ජනතා වරම තු‍ලින් එදා රාජප්කෂ ආණ්ඩුවට කරගන්න නොහැකිවුණ කාර්යයන් විශාල සංඛ්‍යාවක් ඉටු කරන්න අපිට හැකිවුණා. වසර 10ක් 11ක් ඔවුන්ට කරන්න බැරිවුණ, රජයේ සේවයේ, පොලීසියේ, ත්‍රිවිධ හමුදාවේ වැටුප් වැඩිකරන්න අපට හැකිවුණා. පාරිභෝගික භාණ්ඩ රැසකම මිල අඩු කලා. ජීවන වියදම යම් තරමකින් පහත දමන්න හැකිවුණා. හවුල් ආණ්ඩුවක අවුල් තුළින් මේ තරම් සංවර්ධනයක් කළ අපිට, අපේම ආණ්ඩුවක් තුළින් මීට වඩා වැඩි සංවර්ධනයක් ජනතාවට ලබාදෙන්න හැකිවේවි යැයි පැවසීය.

RSL

Related Posts