'අපි අපේ පක්ෂය රැකගනිමු' එ.ජා.ප. නායකත්වයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්
- RSL
- August 18, 2011
- Uncategorized
- 0 Comments
‘අපි අපේ පක්ෂය රැකගනිමු’ යන තේමාව මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය දිනවීමේ මෙහෙයුම් සංසදය කොළඹ විහාර මහාදේවි උද්‍යානට ඉදිරිපිට ඊයේ (17 අගෝ.) පස්වරුවේ සත්‍යග්‍රහයක් හා උද්ඝෝෂණයක් පැවැත්විණ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් විශාල පිරිසක් මෙම සත්‍යග්‍රහයට හා උද්ඝෝෂණයට එක්විය.
පිරිස සත්‍යග්‍රහයේ හා උද්ඝෝෂණයේ නිරතවන අතරතුර බඹර වද දෙකක් ද එම ස්ථානය ආසන්නයේ තිබී සොයා ගත්තේය.
විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට සත්‍යග්‍රහයේ හා උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අනතුරුව විපක්ෂ නියක කාර්යාලය දක්වා ගමන් කළේය.
විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට රැස් වූ පිරිස ප්‍රතිඥාවක් දීමෙන් පසු විසිර ගියේය.