‘අපනයනකරුවන්ට වෘත්තීය සුදුසුකම්‘
- Editor
- May 23, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured
- 0 Comments
CSBM ආයතනය, ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය පිළිබඳව වෘත්තීයමය පාඨමාලා ලබාදීම ආරම්භ කරයි
සියඵ පාඨමාලාවන් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් අනුමත කරන ලද පාඨාමාලාවන්
Colombo School of Business Management (CSBM) ආයතනය පසුගියදා ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය පිළිබඳව වෘත්තීයමය පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා නිල වශයෙන් ගිවිසුම් අත්සන් කළේය.
මෙම ආයතන දෙක අතර සහයෝගීතාවයෙන් ආරම්භ කරන පළමු පාඨාමාලාව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව වන අතර කොටස් තුනකින් සමන්විත එය මේ වසරේ ජූනි මස සිට ආරම්භ වීමට නියමිතය. මෙම පාඨාමාලාව හදාරන සිසුන් හට ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (National Chamber of Exporters) විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තියමය සුදුසුකමක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම පාඨාමාලාව නිර්මාණය කර තිබෙන්නේ සහභාගී වන සිසුන් හට ජාත්‍යන්තර වෙළඳාමට අදාළ වන ක්ෂේත්‍රය පිළිබඳව දැනුම” ප්‍රායෝගික අත්දැකීම් සහ දක්ෂතා සංවර්ධනය දේශීය හා ජාත්‍යන්තර දෙඅංශයෙන්ම ලබා දීම ඉලක්ක කරගෙනය. මෙම පාඨාමාලාව නිර්මාණය කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසකගේ දායකත්වය හිමි වී ඇති අතර පාඨාමාලාව උගන්වනු ලබන්නේ ක්ෂේත්‍රයේ කීර්තිමත්ම වෘත්තිකයින් විසිනි. ක්ෂේත්‍ර චාරිකාවන් ගණනාවක් අන්තර්ගත වන පාඨාමාලාවේ ප්‍රායෝගික කොටස එහි සුවිශේෂීතම අංගයක් වන අතර ඒ හරහා සිසුන් හට වේගයෙන් වෙනස් වන අපනයන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පු`ඵල් ප්‍රායෝගික දැනුමක් ලබා දීම සිදු වේ.
මේවනවිටආනයනඅපනයනක්ෂේත්‍රයේ නියැලෙනබොහෝදෙනාතමස්වෝත්සහයෙන්ප්‍රවීණතාවයලබාගත්ව්‍යවසායකයින්,වෘත්තිකයින්වනඅතර,මෙවැනිවෘත්තීමයසුදුසුකම්හරහාජාත්‍යන්තර වෙළඳකළමණාකරනයපිළිබඳමනාදැනුමක්මෙන්මපිළිගත් වෘත්තිකයින් වශයෙන් අපනයන ක්ෂේත්‍රය තුළ දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සාර්ථික වෘත්තීය ගමනක නියැලීම සඳහා අවස්ථාව හිමි වේ.
මෙමපාඨමාලාව නිර්මාණය කර තිබෙන්නේ අපනයන/ආනයන ආයතනවල සේවකයින්ට” උපාධිධාරීන්ටඋපාධි අපේක්ෂකයින්ටජාත්‍යන්තර වෙළඳාම් ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් වීමට අපේක්ෂා කරන පාසල් අවසන් කරන සිසුන් වැනි සිය`ඵම දෙනා හට යෝග්‍ය වන ආකාරයටය. මෙයජාත්‍යන්තර වෙළඳාමට ආධුනික වන අයට මෙන්ම පළපුරුදු අයටත්” නව වෙළඳපොලවලට ඇතු`ඵ වීමට උත්සාහ කරන අය” දැනුම හා දක්ෂතාවයන් සංවර්ධනය කරගැනීම උත්සාහ කරන අය ඇතු`ඵ සිය`ඵ දෙනා හට සාර්ථකත්වයට අවශ්‍ය කරන වැදගත් දක්ෂතාවයන් හා දැනුම ලබා දීමට කටයුතු කරයි.
පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් හට ආනයන/අපනයන ක්‍රියාවලියට අදාළ දෛනික කටයුතු විශ්වාසයෙන් යුතු කළමනාකරණය කිරීමේ හැකියාවත්” ඒ සම්බන්ධ ලියකියවිලි හා මූල්‍ය කටයුතු කළමනාකරණය කරගැනීමේ හැකියාව” ජාත්‍යන්තර වෙළඳපොල වෙත අවතීර්ණය වීම” පාරිභෝගියකයින් සමඟ සාර්ථක සබඳතා ගොඩනගා ගැනීම” සන්නාමකරණය” මිල තීරණය කිරීම” ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වීම” වෙළඳපොළ ප්‍රවර්ධන කටයුතු වැනි සිය`ඵම අංශවල දැනුම හා දක්ෂතාවයන් හිමි වනු ඇත. අපනයන ආයතනයක සිදුවන මේ කටයුතු ආයතන අභ්‍යන්තරයේම සිදු නොකර වෙනත් බාහිර ආයතන වෙත පවරා දීමද සාමාන්‍යයෙන් සිදු වේ. එය කෙසේ වුවද අභ්‍යන්තර කාර්යමණ්ඩලය මේ පිළිබඳව දැනුමෙන් හා දක්ෂතාවයෙන් සන්නද්ධව සිටීම ඉතාම වැදගත්ය.
ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීම සඳහා දේශීය අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ එකම වෙළඳ මණ්ඩලය වන ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ(National Chamber of Exporters) අධ්‍යාපන අංශය වශයෙන් ජාතික අපනයන ආයතනය(NIOE) wdrïN flß‚’ ශ්රීලංකාවේදැනටසිටිනදැවන්තව්යාපාරිකයින්, වෘත්තිකයින්,ව්‍යවසායකයින්කිහිපදෙනෙකුගේඅදහසක්ලෙසCSBMආයතනයදැයටපිදෙන්නේදේශයේමීලඟව්‍යාපාරික,ව්‍යවසායකසහවිධායකපළපුරබිහිකිරීමේඅභිලාශයෙනි. CSBM සහ ජාතික අපනයන ආයතනය/ජාතික අපනයන මණ්ඩලය අතර සහයෝගීතාවය හරහා අපනයන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් හට දැනුම හා දක්ෂතාවය සමඟ පිළිගත් වෘත්තීයමය සුදුසුකම් ලබා දෙන ශාස්ත්‍රීය වැඩසටහන් හා විධායක අධ්‍යාපන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වනු ඇත. මේ හරහා අපනයන ක්ෂේත්‍රයේ මෙන්ම ජාතික ආර්ථිකයේ දියුණුවටද දැවැන්ත දායකත්වයක් හිමි වනු ඇත. මෙම පාඨමාලාව පිළිබඳව වැඩිදුර විස්තර 0703 676767$0768 755006 දුරකතන අංක අමතා ලබා ගත හැක.
Image 01:
ශිහාම් මරික්කාර්” ප්‍රධාන විධායක නිලධාරී” ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය” ජෙනරල් දයා රත්නායක” සභාපති” CSBM ” රවී ජයවර්ධන” සභාපති” ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය.

