අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වැඩ වර්ජනයක්

Spread the love

අද රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ඒ, වැටුප් විෂමතාවට ස්ථිර විසඳුමක් ඉල්ලමිනි.

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ සංගම්වල සාමාජිකයින් මීට එක්වන බව ය.