අද දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන් කවුද ?

Spread the love

නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (25) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සරත් අබේකෝන්, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස බන්දුල හරිස්චන්ද්‍ර, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස තිස්ස කුමාරසිරි සහ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකී රාජකරුණා මහත්මිය දිවුරුම් දුන් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

Related Posts