අදානි සමාගම NDTV බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගනී
- RSL
- August 24, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එම කොටස් ගණුදෙනුවෙන් පසුව එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් සඳහන් කර ඇත්තේ, තම එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අදානී සමාගම සඳහන් කරන්නේ, තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ 29.18% ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවත් එම කොටස් වලට අමතරව ඉදිරියේදී තවත් 26% ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

