අද්මිරාල් තිසර සමරසිංහට යුධ අපරාධ චෝදනා
- RSL
- October 18, 2011
- Uncategorized
- 0 Comments
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහට එරෙහිව යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මානව හිමිකම් සංවිධාන හා ඇතැම් මන්ත්‍රීවරුන් එරට රජයට බලපෑම් කර තිබේ.
රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ ඉන්ටර්නැෂනල් කොමිෂන් ඔෆ් ජූරිට්ස් නැමති සංවිධානය විසින් මීට අදාළ සෘජු හා පිළිගත හැකි සාක්ෂි එරට ෆෙඩරල් පොලීසිය වෙත බාරදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇති බවයි.
යුද්ධයේ අවසන් අදියරේදී නාවික හමුදාව විසින් සිදුකළ බව කියන යුධ අපරාධ හා මානුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සාක්ෂි ඊට අයත් බව ද එම වාර්තාවල දැක්වේ.
ඔස්ට්‍රේලියානු හරිත පක්ෂය එරට රජයෙන් ඉල්ලා සිටින්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස තව නොබෝ දිනකින් පර්ත් නුවරට ළඟාවීමට නියමිත බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ.
එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුද්ධයේ කිසිඳු අවදියක ශ්‍රී ලංකා නාවික හමුදාව සිවිල් වැසියන්ට එරෙහිව ක්‍රියා නොකළ බවයි.
නාවික හමුදාව සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ත්‍රස්තවාදී ග්රහණයෙන් සිවිල් වැසියන්ගේ ජීවිත බේරාගැනීමට බව ද අද්මිරාල් තිසර සමරසිංහ සඳහන් කළේය.