අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික ධීවරයින් 35 දෙනෙකු ඉන්දියාව නිදහස් කිරීමට යයි
- RSL
- September 12, 2011
- Uncategorized
- 0 Comments
ධීවර අමාත්‍යංශය පවසන පරිදි ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික ධීවරයින් 35 දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රා 7 ක් නිදහස් කිරීමට සූදනාම් බව පැවසේ.
මීට මාස 4 කට පමණ පෙර මුහුදු සීමා උල්ලංඝණය කළ බවට චෝදනා මත ඉන්දීය වෙරළ ආරක්‍ෂකයින් විසින් පසුගියදා ලාංකික ධීවරයින් 41 දෙනෙකු ඔවුන්ගේ යාත‍්‍රා අටක් අත්අඩංගුවට ගත්තේය.
ඉන්දීය රජයේ අවසර ලැබුණු පසුව නිදහස් කළ පිරිස මෙරටට ගෙන්වා ගන්නා බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.