අගෝස්තු මාසයේදී සංශෝධිත අයවැයක්
- Editor
- July 26, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ඉදිරි මාස කිහිපය සඳහා වන සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ වන විට අමාත්‍යංශ මට්ටමින් අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

