අගමැති මහින්ද ‘මහ බැංකු අධිපතිගෙන්’ විශේෂ ඉල්ලීමක් කරයි
- Editor
- May 21, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම හා මග පෙන්වීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා, මහ බැංකුවෙන් ඉටුවිය යුතු කාර්යය භාරය නොපිරිහෙළා ඉටු කරන්නැයි උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන්වන ටී.එම්.ජේ.වයි.ටී ප්‍රනාන්දු, කේ.එම්.එම් සිරිවර්ධන,එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී නානායක්කාර, ආර්ථීක පර්යේෂණ අධ්යක්ෂ, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

