​බිත්තරයක මිල රුපියල් 35ක් වීම වැළැක්විය නොහැකියි – බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

Spread the love

රජය මැදිහත් වී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී රට තුළ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය (AIEPA) පවසයි.

AIEPA භාණ්ඩාගාරික විජය අල්විස් පවසන්නේ ඉදිරි අලුත් අවුරුදු සමයේදී බිත්තරයක මිල රුපියල් 35 දක්වා ඉහළ යා හැකි බවයි.

අමුද්‍රව්‍යවල මිල වැඩි වීමත් සමඟ සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 23ක් වන අතර රතු බිත්තරයක් රුපියල් 24ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව ද ඔහු පැවසුවේය.

‘රජය බඩඉරිඟු ආනයන වියදම අඩු කරලා පොඩි සහනයක් දීලා තියෙනවා. කෙසේ වෙතත්, විදේශ විනිමය හිඟය සහ ආනයන පාලනයන් නිසා කුකුළු ආහාරවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එසේම ගෝලීය සහ දේශීය වෙළඳපළ තත්ත්වයන් මෙන්ම අපේ රටේ විදේශ විනිමය අර්බුදය සහ සැපයුම් දාම ගැටළු හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු හිඟයක් පවතිනවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් තම ගොවිබිම් වසා දමමින් සිටින අතර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ වෙළෙඳපොළේ පවතින අවදානම් හේතුවෙන් ඔවුන් ආයෝජනය කිරීමට අකමැත්තක් දක්වන බව ද අල්විස් මහතා වැඩි දුරටත් සදහන් කළේය.

Related Posts