ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි

Spread the love

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදු කළ බවට තමා දන්නා බව පැවසීම තුළ ම වසර 8ක් පුරා යුද අපරාධ වසන් කිරීම හේතුවෙන් මෙලෙස හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගත යුතු යැයි ගම්මන්පිල මහතා කියා සිටියේය.

පළමු වරට සුදු කොඩි කතාවක් ප්‍රකාශ කරමින් බෙඳුම්වාදීන්ට පවා දුන් බවත් දෙවන වරට අද නැවතත් ජගත් ජයසූරිය මහතාට චෝදනා කරමින් රට පවා දෙන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් යුද අපරාධයක් සිදුවුවත් නැතත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත යුතු බවත් යුද අපරාධ නොවුණු නිසා රාජද්‍රෝහී වීමටත් යුද අපරාධ වුණා යැයි පවසන්නේ නම් එය සැඟවීම යන කුමන චෝදනාවන්ට වුවද ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි මන්ත්‍රීවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේය.

2010 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ඇයි යනුවෙන් ප්‍රශ්න කළ ජනතාව අද වන විට ෆොන්සේකාව නිදහස් කළේ ඇයි දැයි ප්‍රශ්න කරන බවද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගනු..!

හිටපු හමුදාපති ඇමෙරිකාවේ ස්ථිර නේවාසික තේරෙන සිංහලෙන් කියනවා නම් පර්මනන්ට් රෙසිඩන්ට් සරත් ෆොන්සේකා ඇමතිතුමා ඉතිහාසයේ දෙවන වරටත් තමන් නායකත්වය ලබා දුන් හමුදාව පාවා දෙමින් බෙදුම්වාදින්ගේ මනදොල සපුරා තිබෙනවා. එතුමා පළමු වරට හමුදාව බෙදුම්වාදින්ට පාවා දුන්නේ සුදු කොඩි කතාවක් කියලා. දෙවන වරට පාවා දුන්නේ ජගත් ජයසූරිය මැතිතුමා යුද අපරාධ සිදු කළා ඒ ගැන තමන් ලක සාක්කිෂි තියෙනවා කියල. දැන් දෙමළ බෙදුම්වාදින් සහ බටහිර බලවතුන් ලංකාවේ යුද අපරාධ සිදු වුණා කියලා චෝදනා නගන විට එහෙම වුණේ නෑ කියලා අපි කාටවත් තවදරටත් කියන්න බෑ. මොකද යුධ සමයේ හමුදාවට නායකත්වය දුන්නු කෙනා කියනවා නම් මගේ හමුදාව යුද අපරාධ කළා කියලා පිට අපි නෑ කියන්නේ කොහොමද?

සරත් වීරසේකර මැතිතුමා පසුගිය ජිනීවා මානව හිමිකම් සැසි වාර දෙකක දී ලංකාවේ හමුදාව යුද අපරාධ නොකළ බවට ඉතාම තාර්කිකව ඔප්පු කළා. එහිදී ඔහු බටහිර බලවතුන් සහ දෙමළ බෙදුම්වාදින් දැවැන්ත අසීරුතාවයකට පත්කළා. නමුත් ඊ ළඟ සැසි වාරයේ දී කොටි එතුමාට කියාවි “ඔබ හිටියේ මුහුදේ. ගොඩබිම යුද අපරාධ වුණා කියලා ගොඩබිම හිටිය හමුදා නායකයා වන ෆොන්සේකා පිලි අරගෙන ඉවරයි. ඒනිසා දැන් ඔබට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ කියලා. “ එහෙම උනොත් සරත්වීරසේකර මැතිතුමන්ට කටවහගෙන ලංකාවට එන්න වෙනවා. ප්‍රාදේශීය සභාවකටවත් තේරෙන්න ප්‍රමාණවත් ඡන්දයක් ගන්න බැරි වුණු ෆොන්සේකා මැතිතුමාට මේ ආණ්ඩුව පින් ඇමතිකමක් දුන්නේ මංගල සමරවීර ඇමතිතුමා ජාත්‍යන්තර ඉදිරියේ පිලිගත් යුධ අපරාද චෝදනා සාධාරණීකරණයට දැයි කියන සාධාරණ සැකය අපට දැන් ඇතිවී තිබෙනවා. එහෙම නොවේ නම් ආණ්ඩුව තමන්ගේ සත් භාවය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුයි. මේ ද්‍රෝහී කතාව කළ ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි.

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි. අපි පිලිගත්තේ නැතත් එයා කියනවා ජගත් ජයසූරිය මැතිතුමා යුද අපරාධ කළා කියලා. එහෙම නම් වසර අටක් පුරා යුද අපරාධ වසන් කිරීම පිළිබඳ ඔහුව අත්අඩංගුවට ගත යුතුයි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මාස 13ක් රක්ෂිත බන්ධනාගාරයේ තබා ගෙන සිටියේ අපරාධයක තොරතුරු වසන් කළා කියන පදනම් විරහිත චෝදනාව නගලා. ඒ නිසා යුද අපරාධ නොවුණු නිසා රාජද්‍රෝහි වීමට අත්අඩංගුවට ගත යුතුයි. යුද අපරාධ වුණා කියනවා නම් අපරාධයක් සැඟවීම හේතුවෙන් අත්අඩංගුවට ගත යුතුයි. එහෙම බැලුවාම යුද අපරාධ වුණත් නැතත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි.2010 දී ජනතාව අපෙන් ඇහුව්වේ මහින්ද ජනාධිපතිතුමා ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා. දැන් ජනතාව අපෙන් අහන්නේ ඇයි මහින්ද ජනාධිපතිතුමා ෆොන්සේකාව නිදහස් කලේ කියලා. කාලය මැව් වෙනසක අරුමේ කියල තමයි මට කියන්න වෙන්නේ.අළුත් ප්‍රතිපත්ති ප්‍රකාශයකට පෙර කලින් කියූ දේ ක්‍රියාත්මක කරන්න

මට ආරාධනා පත්‍රයක් ලැබුනා එන්න කියලා. කවුද මේ එන්න කියන්නේ. ජනපතිතුමයි අගමැතිතුමයි තමයි මේ එන්න කියන්නේ. මොකටද මේ එන්න කියන්නේ. එන්න අපි හදමු පොහොසත් රටක් කියලා, පොහොසත් රටක් හදන්න තමයි එන්න කියන්නේ. අද සවස තුනට ජනපතිතුමන් සහ අගමැතිතුමන් එක් වී පොහොසත් රටක් හදන දැක්ම ඉදිරිපත් කරනවාලු. ආණ්ඩුව බිහි වෙලා වසර දෙකහාමාරකටත් වඩා ගෙවුණාට පස්සේ පොහොසත් රටක් හදන දැක්ම ඉදිරිපත් කරනවා කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා මෙතරම් කලක් ආණ්ඩුවට දැක්මක් තිබ්බෙ නෑ කියන එක. එහෙමත් නැත්නම් මෙතෙක් කල් කරගෙන ගිය වැඩපිළිවෙල අසාර්ථකයි ප්‍රායෝගිකත්වයෙන් තොරයි කියලා.

2015 ජනවාරි මාසයේ “මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක්“. කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. 2015 අගෝස්තු මාසයේ “මාස හැටෙන් අළුත් රටක්“ කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඊට පස්සේ අගමැතිතුමා දෙපාරක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කළා. මේ ප්‍රකාශන හතරම ක්‍රියාත්මක නොකර දැන් ඔන්න අද අළුත් එකක් ඉදිරිපත් කරනවා . මෙහෙම නිරන්තරව ඉදිරිපත්කරන ප්‍රතිපත්ති ප්‍රකාශන නිසා විහිළුවට ලක්වෙන්නේ ආණ්ඩුවම තමයි. ඒනිසා අපි ආණ්ඩුවට කියන්නේ අළුත් කතා කියන්න කලින් පරණ කතා මහ පොලවේ ක්‍රියාත්මක කරන්න. එතකොට තමයි ඔය කියන කතා ඥාණ කතා වගේ වැඩකට ඇති කතා වෙන්නේ.

මගේ මිත්‍රයෙක් පුස්තකාලයකට ගිහින් “මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක්“ සහ “මාස හැටෙන් අළුත් රටක්“ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක හොයලා හොයලා හොයා ගන්න බැරි වුණාම පුස්තකාල නිළධාරියෙකුගෙන් ඇහුව්වාලු පොත් දෙක කොහෙද තිබෙන්නේ කියලා. එතකොට නිළධාරියා කිව්වාලු ඒ දෙක නම් අනිවාර්රයෙන් තිබෙන්න ඕනෑ සුරංගනා කතා තිබෙන රාක්ක වලයි කියලා. අතිගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි, අද නිකුත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය තවත් සුරංගනා කතාවක් නොවේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සදහා පිලිතුරු දුන් උදය ගම්මන්පිල මහතා.

ප්‍රශ්නය

ජනපතිතුමන්කියනවා එන්ජිඕ කියන පදයට එතුමන් නටන්නේ නැ කියල. එහෙමනම් රජයට බැරි ඇයි මේ එන්ජීඕ තහනම් කරන්න.

පිළිතුර

බුදුරජාණන් වහන්සේ දේශණාකරල තියෙනවා තතාකාරී යතාවාදී යතාකාරී තතාවාදී කියල. කියනදේ කරන්න කරන දේ කියන්න කියලයි උන්වහන්සේ එදා ඒ දේශණාකලේ. අවාසනාවට අතිගරු ජනපිතතුමන් ලග නැත්තෙත් ඒකයි. එතුමන්ගේ කතා අහද්දිනම් අපේ මයිල් කෙලින් වෙනවි. පපුව දේෂාභිමාණයෙන් පිරී යනවා. නමුත් එතුමන්ගේ ක්‍රියා දැක්කමනම් එතුමන් ගැන විශ්වාසයභංගවෙනවා. එතුමා වරක් හිටපු හමුදාපතිවරුන්ට පොරොන්දු වුනා අතුරුදහන්වුවන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය ක්‍රියාත්මන වෙන්නේ තමන් අත්සන් කලොත් පමනයි. තමන් එයට අත්සන් තබන්නේ නැහැ කියල. නමුත් බෙන් එමර්සන් රැගත් ගුවන් යානය ලකාවේ ගුවන් තොටුපලට සේන්දු වෙද්දී ජනපති බීතියෙන් ඒකට අත්සන් තැබුවා. තවත් වරෙක එතුමන් වැට් බදු වැනි පීඩාකාරී බදු පනවන්න දෙන් නෑ කිව්වත් වැට් බද්ද අද ක්‍රියාත්මකයි. හොරුන්ට දඩුවම් කරනව කිව්වත් එය කළාද නැද්ද?

අපි පුද්ගලයෙකුගේ දේශප්‍රේමීත්වය මනින්නේ නායකත්වය මනින්නේ කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන්. ඒ නිසා මෛත්‍රීපාල සිරසේන මහතා සැබෑවටම සද්බාවයෙන්නම් කියන්නේ තමන් රණ විරුවන් පාවාදෙන් නැ කියල එම කතාව ක්‍රියාවෙන් ඔප්පු කරන්න පුලුවන් සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට අරගෙන

ප්‍රශ්නය

ෆොන්සේකා මහතාගේ මේ ප්‍රකාශය හරහා හිටපු සේනාධිනායකයා පවා යුධ අපරාද චෝදනාවලට ලක්වෙනවා නේද?

පිළිතුර

අනිවාර්යෙන්ම ඔව්. මේ ප්‍රකාශය හරහා එවකට හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සිට යුධ හමුදාවට අණ දුන් සරත්පොන්සේකා මහතාද ඇතුළුව සමස්ථ රණවිරු ප්‍රජාවම අනතුරේ. මේ ප්‍රකාෂය හරහා අපේ රය අපකීර්තියට පත්වුනා. රණවිරුවන්ට වෙනත් රටකට යාමට වීසා ලබාගැනිමට පවා නොහැකි වෙනවා. දැනටත් වෙන රටවල සිටින රණ විරුව්නගේ ජීවිත අවදානමතට ලක්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන්න ජ්‍යාත්‍යන්තරයට අවශ්‍ය සාක්ෂියක් වෙනවා.

වසර අටහමාරක්තිස්සේ ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල කලත් ක්‍රිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවුනේ ඒ සදහා ලංකාවට එරෙහිව සාක්ෂියක් නොමැති නිසයි. අපේ යුද්ධය ඇමරිකාව විසන් අවසාන මාස තුනේදි චන්ද්‍රිකා යොදාගනිමින් සමීපව නිරීක්ෂණය කළා. සිදුවු හැම ක්‍රියාවකම ඡයාරූප ඒ ගොල්ලො ගාව තියෙනවා.ඒ නිසා අපි අභියෝග කලා හතලිස් දහසක් පමණ සමුහ වශයෙන් මියගියානම් යුද්ධයේ අවසන් කාලයේ ඒවාගේ ඡායාරෑප පෙන්වන්න කියලා. නැතිනම් එසේ මිය ගිය පුද්ගලයන්ගේ නාමලේඛණයක් ඉදිරිපත් කරන්න කියලා. නමුත් එසේ ඉදිරිපත්කර ගන්න බැරුව අසරනව ඉද්දී තමයි දෙමල බෙදුම් වාදීන් සහ ජාත්‍යන්තරය බේරාගන්න ෆොන්සේකා එන්නේ. හමුදාවේ යුධ සමයේ නායකයා කියනවා නම් ඔවු අපේ හමුදාව යුධ අපරාද කළා කියලා ජ්‍යාත්‍යන්තර ප්‍රචාවට ශ්‍රි ලංකාවට දඩුවම් කිරීමට සාක්ෂි සොයමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. මොකද යමෙක් පිළිගත් කරුණු ඔප්පු කිරීම අනවශ්‍යයි කියල ප්‍රධාන නීති සංකල්පයක් තියෙනවා. මේ නිසා කොටි සංවිධානයේ අසහාය වීරයා බවට සරත් ෆොන්සේකා මහතා පත්වෙනවා. මෙවන් යුධ හමුදාපතිවරයෙක් ගැන සමස්ථ ලෝක ඉතිහාසයේ කිිසම රටකින් වාර්ථාවෙන් නෑ. ද්‍රෝහීන් ලෝක ඉතිහාසය පුරම හිටියත් සරත් ෆොන්සේකා වැනි ද්‍රෝහියෙක් කවරදාකවත් වාර්තාවෙන් නෑ. මොහු ජිතියේ පවට උපන් පුද්ගලයෙක් විදිහටයි අපි දකින්නේ.

හිටපු කොටි නායකයෙක් වන කරුණා අම්මාන් අපේ රණවිරුවන් යුධ අපරාධ කලේ නෑ කියද්දී හමුදාපතිවරයා නැ නෑ අපේ අය යුධ අපරාධකලා තමයි කියද්දි මොකක්ද ඇතිවෙන තත්වය. ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල වෙද්දී ලංකාව රැකීමට ආ චීනය රුසියාව කියුබාව සහ මුස්ලිම් රටවල් බහුතරයක් ඒ වගේම තුන්වන ලෝකයේ රටවල් අතිවිශාල ගණනක් මේ නිසා අසීරුතාවයට පත්වෙනවා නේද?

වත්මන් හමුදාපති මහේෂ් සේනානායක මහතා කියනවා ජගත් ජයසූරිය හිටපු හමුදාපතිතුමන් තමන්ව සේවයෙන් පහකලා. මම එය අසාධාරණයක් ලෙස දකිනවා. නමුත් මම එතුමන්ට එරෙහිව චෝදනා නගන් නෑ. මොකද ජගත් ජයසුරිය මහතාට ගහන්න ගියොත් රිදෙන්නේ හමුදාවට. ඒ නිසා මම නිහඩව ඒ තීන්දුව බාරගත්තා කියලා. මම හිතන්නේ සරත් ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් ‍ලෙස සලකන වත්මන් හමුදාපතිතුම්නගේ ඒ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහතාටත් ලොකු පාඩමක්.

අපට 2009 ආව යුද අපරාද චෝදනා වලිය පරාජය වුනා. 2010 ෆොන්සේකා මහතාගේ සුදු කොඩි කතාවේන පස්සේ ගෙනා චෝදනා තමයි සම්මත වේන ගත්තේ. ඒ නිසා තමන්ගේ ප්‍රකාශ නිසා රටට වන හිනිය දැක දැක දිගින් දිගටම මේ ප්‍රකාශ සරත් ෆොන්සේකා මහතා කරන්නේ අත් වැරද්දකින් වේනන බෑ. පෞද්ගලික කෝන්තරයක් නිසා වෙන්නත් බෑ. ඔහු දෙමල කොටි සංවාධානයෙන් නඩත්තු වෙන පුද්ගලයෙක් විය යුතුමයි.

ප්‍රදේශිය සභාවක පත්වෙන්න ඡන්ද ගන්න බැරි ෆොන්සේකා වැනි පුද්ගලයෙක්ට පිං ඇමිතු ධුරයක් දීල ජනතාවටයි මේ ආණ්ඩුව මුලින් සරදම් කලේ. දැන් ඒ ඇමිතුධුරයෙ බලය පාවිච්චි කරමින් තමයි මේ මාධය්‍ය හරහා මෙවැනි ප්‍රකාශ කරන්න පුළුන් කෙනෙක් බවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව තව දුරටත් සරත් ඵොන්සේකා මහතා සුරතල් කරනවනම් දෙවරක් ඔහුව ප්‍රතික්ෂේප කළ මේ රටේ ජනතාව මේ ආණ්ඩුව ප්‍රථික්ෂේප කිරීමට තම්නගේ ඡන්දය පාවිචචි කරනවා. එසේ කරනතුරුද මේ කොටි සුරතලාව සුරතල් කරන්නේ කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා.

RSL

Related Posts