හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න’ – ආචාර්ය වර්ෂි මුහුණුපොතේ තැබූ විශේෂ සටහන

Spread the love

අපි මේ ගැන කලින්ම අනතුරු ඇගෙවුවා!
මේ පටන් ගැන්ම විතරයි…. තව ඔහොම යං….!

ආහාර සුරක්ෂිතතාවයට කිසිම තර්ජනයක් වෙලා නෑ කියලා හීනෙන් කියවන නිලධාරීන් තව හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න….
සුරංගනාවන් නෙවෙයි දෙවියො පවන් සලයි…දෙවියො…

මේ වැදගත් වගේම අපි සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු සටහන පසුගිය 07 වැනිදා සිය මුහුණු පොතේ තැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීටයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය වර්ෂි දන්දෙනිය මහත්මියයි. ඇය ඒ සමග එළවළු මිල ගණන්වල සැසදීමකට ද ගොස් තිබෙනවා.

ආචාර්ය වර්ෂි පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩවත් නොබියවත් කියූ දෑ ගැන දන්න කියන බොහෝ දෙනෙක් මේ සටහන තමන්ගේ මුහුණුපොත හරහා හුවමාරු කරගෙන තිබුණා.

Related Posts