හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ විජයරත්න අභාවප්‍රාප්ත වෙයි

Spread the love

හිටපු ඇමැතිවරයකු සහ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වු මනෝ විජයරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මනෝ විජයරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

‘දැදිගම හිතවතා’ නමින් ප්‍රකටව සිටි ඒ මහතා පක්ෂ, පාට දෙවැනි තැනට දමමින් රටෙත්, ජනතාවගේත් යහපත හා අභිවෘද්ධිය ඇතිකරලීමට කොතරම් අභියෝගාත්මක දේශපාලන තීන්දු තීරණ ගැනීමට වුව පසුබට නොවු අයෙකි.

මනෝ විජයරත්න මහතා වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම ජනතා සේවකයෙක් විය.

අභාවප්‍රාප්ත වන විට 54 හැවිරිදි වියේ පසු වූ මනෝ විජේරත්න මහතා දැදිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය හොබවමින් සිටියේය. ජේ.ආර් ජයවර්ධන රජයේ අධ්‍යාපන ඇමැති ධූරය මෙන්ම අධිකරණ ඇමැති ධූරය ද හෙඹවු නිශ්ශංක විජේරත්න මහතාගේ පුත්‍රයකු වූ මනෝ විජේරත්න මහතා මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක නෙරන්ජන් විජේරත්න මහතාගේ බාල සොහොයුරාද වේ.

2000 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ ඒ මහතා යළිත් 2004 වසරේ දී මැති සබයට පිවිසියේය.

2007 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ ඔහු ව්‍යවසාය සංවර්ධන ඇමැති ධුරය හෙබවීය. පසුකාලීනව විජේරත්න මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද සේවය කළේය.

දේහය කොළඹ 06 ගාලුපාරේ අංක 547 දරන ස්ථානයේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර ඇති අතර අද (31) සවස 5.00 ට බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කෙරේ.

RSL

Related Posts