හිටපු අගවිනිසුරු සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

Spread the love

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයේ කලයුතු කල සමයේ අයුතු ලෙස බලය පාවිච්චි කිරීම, විෂමාචාරය අවකල් ක්‍‍්‍රියාව, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය රැකීමට අපොහොසත් වීම ඇතුඵ කරුණු 19 සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමිටුවක් පත්කරන ලෙස මෛත‍‍්‍රීපාල සිරිසේන, සුසිල් පේ‍‍්‍රමජයන්ත, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ ඇතුඵ රජයේ මන්ත‍‍්‍රීවරු 75 දෙනෙක් ඊට අත්සන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සදහා පසුගිය දා (30 ඔක්.) කොළඹදී පුවත්පත් සාකච්ජාවක් කැදවූ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා එහිදී කියා සිටියේ, මන්ත‍‍‍්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට සුදානම්වන්නේ, තමාව අපහසුවට පත් කිරීමට බවත් විශ‍‍‍්‍රාමගොස් සිටින තමාට එරෙහිව ව්‍යවස්තානුකුලව කළ හැකි දෙයක් නැති බවත්ය.

තම සේවය පසසමින් ජනපතිතුමාම විශේෂ ලිපියක් දී ඇති බවත් මන්ත‍‍‍්‍රීන් 75 දෙනාගේ ඉල්ලීම ඊට නොගැළපෙන බවත් කී හිටපු අගවිනිසුරුවරයා, විශ‍‍්‍රාමික විනිසුරුවරයෙකුට එරෙහිව පරික්‍ෂණ පැවැත්වීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැති බවද පැවසිය.


RSL

Related Posts