හමුදා කඳවුරු ස්ථාපිත කිරීම සඳහා පවරාගත් ඉඩම්වලට වන්දි

Spread the love

හමුදා කඳවුරු පිහිටුවීම සඳහා රජයට පවරාගත් උතුර සහ නැගෙනහිර පළාතේ පිහිටි දෙමළ ජනතාවගේ ඉඩම් සඳහා වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් උතුර සහ නැගෙනහිර පළාතේ වෙනමම ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට යුද්ධයක්‌ ආරම්භ කර තිබියදී යාපනයේ ද්‍රවිඩ ජනතාව ත්‍රස්‌තවාදය පරාජයට පත්කොට රටට සාමය උදාකිරීම සඳහා තම පාරම්පරික ඉඩකඩම් රජයට පවරාදීම සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණයට එළඹී ඇති බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

1985 සහ 1987 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ කරෙයිනගර් මූලස්‌ථානය පුළුල් කිරීමේදී ඉඩම් අක්‌කර 78 ක්‌ රජයට පවරා ගෙන තිබූ අතර වසර 25 ක්‌ යනතුරු මෙම ඉඩම්වලට මුදල් ගෙවා නොතිබිණි. මෙම වන්දි මුදල් ලබාදීමේ වැඩසටහන යටතේ උක්ත ඉඩම් හිමියන් 56 දෙනකුට රුපියල් ලක්‍ෂ 573 ක මුදලක් ලබාදුන් බව ද ඇමති ජනක් බණ්ඩාර තෙන්නකෝ මහතා පැවසීය.

RSL

Related Posts