සිසුන් 22 දෙදෙනකු අතින් දූෂණයට ලක් වූ පාසල් සිසුවිය කියන කතාව

Spread the love

16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පාසල් සිසුන් 22 දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන බුත්තල පොලිසිය කියා සිටියේ ඇය 19 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි.

තම දියණිය ගැබිනියක් බව දැනගත් ඇගේ දෙමාපියන් ඇයව රාගම පිහිටි මිත්තණියගේ නිවසට යවා ඇති අතර  ඇය පසුගිය දා රාගම ශික්ෂණ රෝහලේදී දරුවෙකු ප්‍රසූත කර ඇත. කෙසේ වෙතත්, ඇය දරුවා ප්‍රසූත කිරීමත් සමඟ රෝහල් බලධාරීන් බුත්තල පොලිසියට දන්වා ඇති අතර ඔවුන් විසින් පරීක්ෂණ ආරම්භ කර සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

තමා තම පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් අතින් සමූහ දූෂණයට ලක්වීමට පෙර තමාට බලහත්කාරයෙන් මත්පැන් පෙවූ බව අදාළ තරුණිය පොලිසියට පවසා ඇත. ඇය ප්‍රකාශ කළේ තමන් ඉගෙනුම ලබන පාසලේම පාසල් සිසුවෙකු සමඟ තමන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බවයි.

ඇය පොලිසියට පවසා ඇති ආකාරයට, ඇයව පෙම්වතාගේ නිවසට රැගෙන ගොස් තවත් පාසල් සිසුන් කිහිප දෙනෙකු සමඟ සමූහ දූෂණයට ලක්කර ඇත්තේ මත්පැන් පානය කරන ලෙසට බලකරමිනි. එම සිද්ධියේ වීඩියෝ පටයක් පෙන්වමින් ඇයව බ්ලැක්මේල් කර ඇති අතර, ඇය ආදරය කළ පාසල් සිසුවා විසින් ඇයව වරින් වර ඇයව දූෂණය කර ඇති අතර මේ ආකාරයෙන් ඇගේ පාසලේ තවත් සිසුන් 21 දෙනෙකු විසින් වසරකට වැඩි කාලයක් පුරා වරින් වර ඇයව දූෂණය කර ඇත.

සැකකරු පසුගිය 10 වැනිදා වැල්ලවාය පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related Posts