සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට ක්‍රියා කළ යුතුයි – අනුර කුමාර

Spread the love

පවතින අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් රහසිගතව රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළා.

එදින රනිල් වික්‍රමසිංහට ඡන්ද 134 ක් ලැබුණු බවත් නමුත් ඔවුන් ආණ්ඩුවට ගොස් අසුන් නොගන්නා අතර ඔවුන් රහසිගතව ඡන්දය ලබාදී ඇති බවයි ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් ලබන 27 වනදා පාර්ලිමේන්තුව රැස්වී හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී එය හෙළි කර ගත හැකි බවත් එම ඡන්දය රහස් ඡන්දයක් නොවන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.

ඒ අනුව රනිල් ජනපති කරවීමට ඡන්දය ලබාදුන් පිරිස 27 වනදා විපක්ෂයේ සිට හදිසි නීතියට විරුද්ධව අත ඔසවනු ඇති බවයි අනුර කුමාර දිසානායක අනාවැකියක් පළ කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ

RSL

Related Posts