සියලුම මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරනවා – මැ.කො. ජනරාල්

Spread the love

මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත්  ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි.

ඕනෑම මැතිවරණයක ජයග්‍රහයකයාගේ සුජාතභාවය තීරණය වන්නේ ජයග්‍රහණය මත නොව ජයග්‍රහණය සඳහා  ගමන් කළ  ආකාරය තුළ බව කී ඒ මැකො ජනරාල්වරයා, මැතිවරණයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට ඇති ප්‍රධාන වගකීම වන්නේ මැතිවරණය නිදහස්, සාධාරණ හා  පිරිසිදු ලෙස පැවැත්වීම බවත් ඒ  සඳහා දිගින් දිගටම ඊට අදාළ නීති රීති අණ පනත් සියල්ලම ඒ ආකාරයෙන්ම සකස් කර ක්‍රියාත්මක කරන බව ද පැවසුවේය.

ඡන්ද හිමි නාම ලේඛණයේ නම සඳහන් පුද්ගලයින්ට පමණක් ඡන්දය ලබා දිමට හැකි බව පෙන්වා දුන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ ක්‍රමවේදයක සුජාතභාවය ඇතිවන පළමු තැන ඡන්ද හිමි නාම ලේඛණය බවත් ඒ සඳහා නීත්‍යානූකූල රාමුයක් තුළ එම නාම ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස්  කරන බව ද පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව ඡන්දප හිමි නාම ලේඛණයක් සකස් කර ඉන් පසු මැතිවරණයක් ප්‍රකාශ කර එයින් ජයග්‍රහයකයා  ප්‍රකාශ කිරීමෙන්  අනතුරුව සතියක කාලයක් යන තෙක් මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන  බවත් එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව නීතිය ක්‍රියාත්මක කරනුයේ ඡන්දදායකයාට සහ අපේෂකයාට දෙපැත්තටම වටිනාකමක් ලබා දීමට බවත්  මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය – news.lk

Related Posts