සියලුම ඒකාධිපති නායකයින්ට අත්වෙන්නේ එක ඉරණමයි – සුජීව සේනසිංහ

Spread the love

සරත් ‍ෆොන්සේකාට තුන් අවුරුදු සිරදඬුවමක් නියමවීමෙන් අනතුරුව ඊයේ(18) සවස සරත් ෆොන්සේකා මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, සුජීව සේනසිංහ සහ ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මාධ්‍යට අදහස් පළ කළහ.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය.

“මේ රට බේරලා දුන්නු වාසනාවට එතුමාට ලැබෙන තෑග්ග තමයි මේක කියලා එතුමා හිනාවෙලා කිව්වා. ඉතාමත් චිත්ත ධෛර්යයෙන් එතුමා සිටීම ගැන අපි සතුටු වෙනවා. අපි සියලු දෙනාම රටේ ජනතාව සිතුවේ නඩු දාලා මම හිතන්නේ වැරදි කරුවෝ කරන්න බෑ සාමාන්‍ය නීතිය යටතේ ඉතිං එතුමා නිදහස් වෙයි කියලා මෙහෙම දිගින් දිගටම ඒකාධිපති වියරුවෙන් ක්‍රියාත්මක වෙන්න ගියොත් සදාම් හුසේන්ලට ලිබියාවේ ගඩාෆිට ඔය සියලුම ඒකාධිපති නායකයින්ට අත්වෙන්නේ එක ඉරණමයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් පළ කළේය.

“ඒකෙන් පෙන්නලා දුන්නා ශ්‍රී ලාංකිකයින් හැටියට එහෙම නැත්තන් සිංහල ජාතිය හැටියට අපි මොන වගේ මිලේච්ඡද කියලා මම ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම එක්කහු වෙන්න ඕන කාලය මේ රටේ නිදහස ලබලා දීලා අද එක පවුලක් එක වාහනයක ගමනක් යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරපු මනුස්සයාට අද මේ වන දේ ගැන ශ්‍රි ලාංකිකයෙක් හැටියටත් සිංහල ජාතියට ආදරය කරන කෙනෙක් හැටියටත් මම ඉතාමත්ම කණගාටු වෙනවා”

RSL

Related Posts