හරාරේ ක්‍රීඩාංගනයේදී, සිම්බාබ්වේ සහ බංගලාදේශය අතර පැවති ප්‍රථම සහ එකම ටෙස්ට් තරඟයෙන් ලකුණු 130 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් විය.
දෙවන ඉනිමේදී ලකුණු 64 කට කඩුළු 4 ක් බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කයිල් ජාර්විස්, ජයග්‍රහණය සඳහා ලකුණු 375 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම ලකුණු 244 කට සීමා කිරීමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම වසර 2005 දී ටෙස්ට් පිටියෙන් ඉවත් වී නැවත ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ලබා ගත් මෙම ඓතිහාසික ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමේ හැමිල්ටන් මැසකඩ්සා සහ නායක බ්‍රෙන්ඩන් ටේලර් ලබා ගත් ශතකයන් අතීශයින් වැදගත් විය.
සිම්බාබ්වේ 370 සහ 291/5
බංගලාදේශය 287 සහ 244
Loading...