පසුගිය දා (12 සැප්. ) කෙන්යා මාධ්‍ය වාර්තා කළේ, සිගරට් කොටයක් කසල කාණුවකට දැමීමෙන් පෙට්‍රල් නළ පද්ධතියක් සමග මුසුවීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් කෙන්යාවේ නියිරෝබි අගනුවර පිහිටි පැලපත් නිවාස පෙළක පුද්ගලයෝ 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට බලධාරීන් බිය පළකරන අතර ඇතැම් වාර්තා සඳහන් කරන්නේ ජීවිතක්ෂයට පතු වූ ගණන 150 ක් පමණ විය හැකි බවයි.
ගින්නෙන් තුවාල ලැබූ තවත් 80 දෙනකු රෝහල්ගත කර ඇථ.
මෙම පැල්පත් නිවාස පෙළ ආසන්නයේ අවිධිමත් පාසලක් තිබී ඇති අතර එහි සිටි සියලු දෙනාම ගින්නට හසු බව කෙන්යානු රතුකුරුස නිලධාරීයකු පවසා ඇතැයි වාර්තා වේ.
Loading...