සාම්පූර් බලාගාරයේ සම්පූර්ණ වාර්තාවක් ලබන ජනවාරියේදී

Spread the love

ඩොලර් මිලියන 700ක වියදමින් ත්‍රිකුණාමලයට ආසන්න සාම්පූර් ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත තාපවිදුලි බලාගාරය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් ලබන ජනවාරි මාසය වන විට සකස් කොට අවසන් කිරීමට එහි එක් ඉදිකිරීම් පාර්ශ්වකරුවෙකු වන ඉන්දියාවේ එන්ටීපීසී සමාගම අපේක්‍ෂා කරයි.
ශි‍්‍ර ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක්ව ඩොලර් මිලියන 700ක වියදමින් ඉදිකිරීමට යන මෙගාවොට් 500ක ධාරිතාවකින් යුත් එම බලාගාරය ඉන්දීය සමාගමේ පළමු විදෙස් ව්‍යාපෘතිය වන බව දි හින්දු බිස්නස් ඔන්ලයින් වාර්තා කර සිටී.
චීනය ද මේ වන විට දිවයිනේ බලශක්ති ක්ෂේත‍්‍රයට පිවිස සිටින නිසා මෙම ව්‍යාපෘතිය ඉන්දියාවට වැදගත් වන බව එහි සඳහන්ව ඇත.
එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් දෙරටෙහි බලශක්ති ඇමතිවරුන් පසුගියදා ඩකා හිදි සාකච්ඡා කොට තිබේ.

Loading...

RSL

Related Posts