සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද සියලුම පක්ෂවලට ලබාදෙයි

Spread the love

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලූ පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේග සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ මෙම සතියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මේ වන විටත සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයා සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

RSL

Related Posts