සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන හෙට ජනපති හා ජවිපෙ අතර සාකච්ඡාවක්

Spread the love

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) හමුවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ අනුව අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විටත් පොදුජන පෙරමුණ සමඟ ආණ්ඩුවක් පිහිටුවා අවසන් බවයි. ආණ්ඩුවක් නිර්මාණය කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කර පළක් නොමැති බවත් මෙම ආණ්ඩුව ජනතාවට ජනවරමක් සඳහා අවස්ථාව ලබාදෙන ආණ්ඩුවක් නොවන බවයි සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙන්නේ.

සිය පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් නොවන බවට පැහැදිළි ස්ථාවරයක් ප්‍රකාශ කර ඇති බවත් එය ජනාධිපතිවරයාට ප්‍රකාශ කිරීමටද ඔහු හමුවීමට සූදානම් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts