සනත් ජයසූරිය ඉහළම තනතුරක ස්ථිර කෙරේ

Spread the love

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සනත් ජයසූරිය විසින් ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පැවැති සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනතර් කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත.

මෙම පත්වීම 2024 ඔක්තෝබර් 1 දින සිට, 2026 මාර්තු 31 දක්වා බලාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Media Release SLCM202490 Sanath Jayasuriya appointed Head Coach

Related Posts