ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන යුද අපරාධ චෝදනා මත නීතිය ඉදිරියට පමුණුවන්නැයි ඉල්ලමින් ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් පර්ත් හිදී උද්ඝෝෂණයක නියැලී ඇතැයි වාර්තා වේ.
දෙමළ ජාතිකයින් 60 දෙනෙකු පමණ සහ තවත් පුද්ගලයින් සිය ගණනක් ඊට එක්වූ බව හෙරල්ඩ් සන් වාර්තා කර සිටී.
රතුපලසක් මතින් පිළිගැනීමට ලක්වූ ජනාධිපති රාජපක්‍ෂ යුද අපරාධවලට වගකිවයුතු බවත්, ඔහු අත්අඩංගුවට ගතයුතු බවත් ඔවුන්ගෙන් අයෙකු වන යෝගන් ධර්මා කියා ඇත. යුද්ධය නිසා තම පවුලේ ඥාතීන් 79 දෙනෙකු තමාට අහිමි වූ බව ඔහු පවසා තිබේ.
අජන්ති නමැති දෙමළ කාන්තාවක එහිදී කියා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ පැවති යුද්ධයේදී පුද්ගලයින් 500,000කට ආසන්න පිරිසක් මියගිය බවයි.
Loading...