ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට

Spread the love

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරන්නේ, ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් මංගල මද්දුමගේ පැහැරගෙන ගිය බවයි.

RSL

Related Posts