
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.
ජාතික පොලිස් කොමිසම ඊයේ(10) රැස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම අනාවරණය කෙළේය. වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකරගේ පත්වීම අනුමත කර ඇත.
ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් සේවා පදනම මත වසරක සේවා කාලයක් සඳහා බඳවාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ද තහවුරු කෙළේය. CID අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් සේවා පදනම මත බඳවා ගත්ත ද ඔහුට පැවරෙන රාජකාරි ස්ථානය ගැන මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව ද නිහාල් තල්දූව මහතා කීය.
ආරංචි මාර්ග පවසන පරිදි, ආණ්ඩු පෙරළියත් සමඟ රටේ මීට පෙර සිදු වූ සියලු අපරාධ සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම නව අපරාධ අධ්‍යක්ෂවරයාගේ වගකීමකි.