අයි.ඒ.එන්.එස්. පුවත් සේවය වාර්තා කරන්නේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව ද ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයින්ට හිරිහැර සිදුවන බවට ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ දැඩි ලෙස තම අප්‍රසාදය පළකර ඇති බවයි.
ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයින් සම්බන්ධයෙන් ලෝක් සභාව හා රාජ්‍ය සභාව හමුවේ ඊයේ (25 අගෝ.) පැවැති විවාදය අමතමින් ඔවුන් එම චෝදනා එල්ල කොට ඇත.
ජනතා දාල් (එක්සත්), බිජු ජනතා දාල්, ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. හා කොමියුනිස් පක්ෂයේ නායකයින් පවසා ඇත්තේ, ලාංකික දෙමළ ජාතිකයින්ට එල්ල වන හිරිහැර අවසන් වන තෙක් ඉන්දියාවට සැනසුම් සුසුම් හෙළිය නොහැකි බවයි.
දිවයිනට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙසට ඔවුන්ගෙන් සමහරෙකු ඉල්ලා ඇති අතර, තවත් අයෙකු පවසා ඇත්තේ, යුද සමයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශණයක් සඳහා ඉන්දියාව සහාය ලබාදිය යුතු බවටයි.
විදේශ කටයුතු ඇමති එස්එම් කි‍්‍රෂ්ණා මෙම විවාදයේ පිළිතුරු කථාව පැවැත්වීමට නියමිතයි.