ශ්‍රී ලංකා පාකිස්ථාන ප්‍රථම ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වේ

Spread the love

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (22 ඔක්.) අවසන් විය.

එහිදී කුමාර් සංගක්කාර සිය 8 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ලකුණු 120ක් ලබා ගත් ප්‍රසන්න ජයවර්ධන සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකය වාර්තා කරනු ලැබීය.

මොවුන් දෙදෙනා විසින් දෙවන ඉනිමේදී හය වන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 201 ක අති විශිෂ්ට සබඳතාවය හේතුවෙන් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙවැනි ඉණිමට සියලු දෙනා දැවී ලකුණු 483ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරඟය මේ මස 26 වන දින ඩුබායි හීදී ආරම්භ වේ.

ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව 197 සහ 483  (සංගක්කාර 211, ප්‍රසන්න ජයවර්ධන 120) 

පකිස්ථානය 511/5  (ටී. උමාර් 236)


RSL

Related Posts