ශ්රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ උපදේශන කමිටු වාර්තාව එ.ජා. සංවිධානය විසින් මානව හිමිකම් කවුන්සිලයට යොමු කර ඇති බව වාර්තා වේ.
මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් ජගත් සංවිධානයේ ප‍්‍රකාශකයෙකු වන නෙසර්කි මහතා පවසා ඇත්තේ, මහ ලේකම්වරයා එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා වෙත හා එහි මහ කොමසාරිස්වරිය වෙත පසුගිය දින (12 සැප්.) ඉදිරිපත් කර ඇති බවයි.
එමෙන්ම ඒ පිළිබඳ ශ‍්‍රී ලංකා රජය, දැනුවත් කර ඇති බව ද ඔහු පවසයි.
වාර්තාව පිළිබඳ ප‍්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී-මූන් මහතා ශ‍්‍රී ලංකා රජයට කල් ලබාදුන්න ද මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නොමැති ශ‍්‍රී ලංකා රජය, උතුරු පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳව වූ තමාගේම වාර්තා ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප‍්‍රකාශකයා පවසා ඇත.
ජගත් සංවිධානයේ මහලේකම්වරයා විසින් අන්තර්ජාතික විමර්ශනයක් සිදුකරන මෙන් නිර්දේශ කර නොමැති බව නෙසර්කි මහතා අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, එ.ජා. විද්වත් කමිටුව කර ඇති නිර්දේශය අනුව ශ‍්‍රී ලංකාවේ ගැටුම් පැවැති සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමට බන් කී මූන් විසින් සිය සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයෙකු වන ටොරායා ඔබායිඞ් පත්කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කළේය.
ශ්රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ උපදේශන කමිටු වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට
Loading...