ජගත් ආර්ථික ෆෝරමය විසින් නිකුත් කරනු ලබන 2011-2012 ලෝක තරක වාර්තාවට අනුව මෙතෙක් 62 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව පියවර 10 ක් ඉදිරියට තබමින් 52 වැනි ස්ථානයට පැමිණ සිටී.
මේ නව ප්‍රවණතාව හේතු කොට ගෙන වසර 2015 එළැඹීමට මත්තෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකන් ඩොලර් 4000 ක ඒක පුද්ගල ආදායමක් ලබන රටක් බවට පත් වනු ඇති බවටත් විශ්වාසය පළ කැරේ.
මීට අමතරව, විදේශ ආයෝජන හා සංවර්ධන ක්‍රියාවලියට බාධාවක්ව පැවැති නිලධාරීවාදය 113 වැනි ස්ථානයේ සිට 53 දක්වා පහත බැස ඇති බවත් අනාවරණය වෙයි.
ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් ඉතා සුබදායී තත්ත්වයක් උදා කරනු ඇති බවයි.
Loading...