අසාර්ථක තරග සංචාරයක නිරත වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය හමුවේ,මීට පෙර පැවති ටෙස්ට් තරගාවලියද 1-0 ලෙස පරාජය වූ අතර තරග 4ට 1ක්ලෙස එක්දින තරගාවලියද පරාජය විය.
අබුඩාබිහි පැවති අවසන් එක්දින තරගය ද පාකිස්ථානය කඩුලු තුනකින් ජය ගත්තේය.
අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ආරම්භක කඩුල්ල සඳහා ටී.එම්. ඩිල්ෂාන් සහ උපුල් තරංග පිටියට පිවිසියහ.ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවය ලකුණු 13කට සීමා කරමින් තරංග ලකුණු 3කට දැවී ගියේය.නායක ඩිල්ෂාන් විසින් ලකුණු 12ක් රැස් කරනු ලැබිණ.දිනේෂ් චන්දිමාල් තෙවනි කඩුල්ල ලෙස ලකුණ 7කට දැවී ගියේය.ලකුණූ 46කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්වයකට පත් වු ශ්‍රී ලංකා ඉණිම ගොඩ නැගූ කුමාර සංගක්කාර සහ ඇන්ජලෝ මැතීව්ස් 5වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 118කි.කුමාර සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ 67 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 78ක් රැස් කළේය.ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 61යි.ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළේ, ලකුණු 218ක් පමණි.පන්දු යැවීමේදී සොහේල් තන්වීර් පන්දු වාර 7කදී ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තේය.
අනතුරුව පාකිස්ථාන ඉණිම ආරම්භ කරමින් මෙහොමඩ් හෆීස් සහ අසාද් සාෆික් පටියට පිවිසියහ.
පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 25කට සීමා කරමින් හෆීස් දැවී ගියේය.අසාද් සාෆික් ලකුණු 26ක් හා යූනුස් ඛාන් ලකුණු 34ක් රැස් කළහ.නායක මිස්බා උල් හක් ලකුණු 66ක් රැස් කලේය.කණ්ඩායම ජයග්‍රාහී සිමාව කරා රැගෙන යමින් උමාර් අක්මාල් නොදැවී ලකුණු 61ක් රැස් කළේය.උමාර් අක්මාල් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.
කලකට පසුව සහභාගීවූ පළමු ජාත්‍යන්තර තරගාවලියේදීම දක්ෂතා දැක්වීමට සමත් වු සහීඩ් අෆ්රිඩි තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.
“ මේ වන විට ක්‍රීඩා ක්ෂෙත්‍රයේ ඇතිවී ඇති කඩා වැටීම ක්‍රිකට්වලටත් දරුණුවට බලපා ඇතිබව “ ක්‍රිකට් විචාරකයෙක් අදහස් දක්වමින් පවසා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහි තරගාවලියම පරාදයි
Loading...