ශ්‍රී ලංකාව අද තීරණාත්මක තරඟයක

Spread the love

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කරා යාමට නම් අද (20 අගෝ.) පැවැත්වෙන තරගය ද ශ්‍රී ලංකා පිල ජයගත යුතු වෙයි.

තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2ක් ම මේ වනවිට ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව අද තරගාවලියේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් පිටියට පිවිසෙන අතර 2-1 ලෙස තිබෙන තරග ජයග්‍රහණ ප්‍රතිඵලය 2-2 කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පිල අද තරගයට මුහුණදෙති.

කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 2.30ට ඇරඹෙන තරගය දිවා රාත්‍රී තරගයකි.

සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී පසුගිය 16 වැනි දා අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 78ක ජයග්‍රහණයක් වාර්තා කළහ. එම තරගයේ දී උපුල් තරංග ලකුණු 111ක් ලබා ගත් අතර තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

Loading...

RSL

Related Posts