ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හිටුවන්නැයි, ඉල්ලමින් ඕස්ට්‍රේලියානු සෙනට් සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් ආණ්ඩු සහ විපක්ෂ සභිකයින් එක්ව පරාජයට පත් කර තිබේ. කැන්බරාහි පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයේ නිව් සවුත් වේල්ස්හි සෙනට් සභික ලී රියනන් මහත්මිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි.
යෝජනාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිතයකු ප්‍රකාශ කළේ, මෙවැනි යෝජනා තුළින් සංකීරණ විදේශ ප්‍රතිපත්ති විසදිය නොහැකි බවයි.
ශ්‍රී ලංකාව සඳහා යුධ අපරාධ අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් රියනන් මහත්මිය විසින් මෙම සතිය මුලදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව කැන්බරාහි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම සාකච්ඡා සඳහා එල්.ටී.ටී.යට පක්ෂපාති නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජය විවේචනය කරන පුද්ගලයින් සහභාගී වී ඇති බවයි.කෙසේ වෙතත් රියනන් මහත්මිය කැඳ වු සාකච්ඡාවට ශ්‍රී
ලංකා රජයේ කිසිදු නියෝජිතයකුට ආරාධනා කර නොමැත.
ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනආ යෝජනාවක් ඕස්ට්‍රේලියාවේදී පරදී
Loading...