ශ්‍රීලංකන් ගුවන් සේවය මොස්කව් අතර සෘජු ගුවන් ගමන් අරඹයි

Spread the love

පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ප්‍රාදේශීය කාර්යාලයක් රුසියාවේ මොස්කව් අගනුවර විවෘත කරන ලද අවස්ථාවට එක් වෙමින් සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසුවේ, 2016 වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 5 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, දැනට රුසියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යන අතර රුසියාව සමඟ නව ගුවන් ගමන්සේවා ඇරඹීමෙන් සංචාරකයන්ට එය මහත් රුකුලක් වන බවත්ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ලබන සැප්තැම්බර් 17 වැනි දා සිට සෑම බදාදා හා සෙනසුරාදා දිනක ම මොස්කව් දක්වා නව ගුවන් සේවා ආරම්භ කෙරේ. ඒ වෙනුවෙන් විශේෂ සාකච්ජාවක් පසුගියදා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරසිංහ මහතා අතර මොස්කව්හි තානාපති නිල නිවසේදී සිදු කෙරිණි.

RSL

Related Posts