අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ඇති වන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ඉන්දියාව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසූයේ ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සබඳතා ඓතිහාසික හා විස්තීර්ණ වන අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිටින බවයි.ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් රජයට සහ නායකත්වයට සම්බන්ධ තත්ත්වයට ඉක්මන් විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම මෙන්ම ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව තුළින් විසඳුමක් සඳහා වන ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරණ බැවින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

ඉන්දියාව මේ වසරේ ඩොලර් බිලියන 3.8 කට වැඩි ආධාර ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව බග්චි පෙන්වා දුන්නේය.

මාලදිවයින හරහා සිංගප්පූරුවට ළඟා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් ශ්‍රී ලංකාවට යැවූ බව වාර්තා වේ.එම ඉල්ලා අස්වීම පිළිගන්නා බවට විධිමත් නිවේදනයක් පාර්ලිමේන්තු කථානායක කාර්යාලය මගින් සිදුකිරීමට නියමිත බව කොළඹින් වාර්තා වේ.

රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මෙම සතිය මුලදී කෝපයට පත් විරෝධතාකරුවන් දහස් ගණනක් ජනාධිපති මන්දිරයට කඩා වැදීමත් සමඟ ශ්‍රී ලංකාව අතහැර ගියහ.ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ව්‍යාකූල අතට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්වය හමුවේ ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දිවයිනෙන් පලායාමට ඉන්දියාව පහසුකම් සලසා දුන් බවට වන පදනම් විරහිත මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරන බව .ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක විසින් නැවත අවධාරණය කරන ලදී.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්