ශ්‍රීලනිපය හා ජනපති අතර හමුවක් අද

Spread the love

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.

පවතින අර්බුදය විසඳීම සඳහා කුඩා කැබිනට් මණ්ඩලයක්, නිශ්චිත වැඩසටහනක් සහ නිශ්චිත කාලවකවානුවක් සහිතව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

එම කරුණු ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කරන බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts