ශවේන්ද්‍ර සිල්වාට නිව්යෝර්ක් අධිකරණයකින් නොතීසි

Spread the love

නිව්යෝර්ක්හි අධිකරණයක් ඉදිරියේ දෙමළ ජාතිකයින් දෙදෙනෙකු විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුද අපරාධ චෝදනා නඩුවක් ගොනු කිරීමෙන් පසුව, ඔහුට එරෙහිව නොතීසි නිකුත් කර ඇතැයි නිව්යෝර්ක් ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වන ඔහුගේ නිල නිවසට නොතීසි යවා ඇත්තේ සැප්තැම්බර් 23 වැනිදා බව වාර්තා වේ.
රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු වන ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළ නොහැකි බවට ශී‍්‍ර ලංකා රජය පවසා සිටියද, ‘යුද අපරාධ’ චෝදනා මත රාජ්‍ය නායකයෙකුට එරෙහිව පවා රාජ්‍යතාන්ති‍්‍රක නිර්මුක්තිය වලංගු නොවන බව දෙමළ ඩයස්පොරාව කියා සිටී.
‘ටැමිල්ස් එගෙන්ස්ට් ජෙනෝසයිඞ්’ නමැති සංවිධානයේ ප‍්‍රකාශකයෙකු කියා ඇත්තේ, එජා සංවිධානයට අනුයුක්ත නියෝජිතයෙකු ලෙසින් ඔහුට රාජ්‍යතාන්ති‍්‍රක නිර්මුක්තියක් නොමැති බවයි.
මේජර් ජනරාල් ජගත් ඩයස් හා ඩොනල්ඞ් පෙරේරා යන හිටපු ආරක්‍ෂක හමුදා නිලධාරීන් ද රාජ්‍යතාන්ති‍්‍රක පත්වීම් ලැබ සිටියේය.
ඔවුන්ගෙන් මේජර් ජනරාල් ඩයස් පසුගියදා නැවත කැඳවනු ලැබූයේ, ඔහු තවදුරටත් යුරෝපයේ රැඳී සිටියහොත් ඔහුට එරෙහිව යුද අපරාධ විමර්ශනයක් සිදුකරන බවට ස්විස් රජය අනතුරු ඇඟවීමෙන් පසුවයි.

RSL

Related Posts