ඊයේ (28 සැප්.) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර කටයුතු පිළිබඳ ඇමැති උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේ එක්සත් ජාතීන් ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවේ අධිකරණයක් සිතාසි නිකුත් කිරීම නීති විරෝධි බවයි.
රටවල්වල සිටින තානාපතිවරුන් සඳහා වන වියානා සම්මුතිය හා එක්සත් ජාතීන් ගේ සංවිධානය පත් කරන තානාපතිවරුන් සම්බන්ධ සම්මුතිය හේතු කොට ගෙන තානාපතිවරුන්ට නඩු පැවරීමක් හෝ සිතාසි නිකුත් කිරීමක් සිදු කළ නොහැකි බව මෙහිදී අනාවරණය විය.
එසේ පැවරීමට නම් ශවේන්ද්‍ර සිල්වා මහතාව දැනට සිටින තානාපති තනතුරෙන් ඉවත් කොට ශ්‍රී ලංකා රජය ඔහුව මෙරටට ගෙන්වා ගත යුතුයි. එසේ නැත්නම් අමෙරිකාව ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වීසා අවලංගු කිරීමක් වැනි කරුණු කිහිපයක් සිදුවිය යුතු යැයි හෙතෙම දන්වා සිටියේ ය.
එහෙත් අමෙරිකාව ඒ සම්මුති දෙකටම අස්සන් කොට ඇති බැවින් ශවේන්ද්‍ර සිල්වා මහතාට ගැටලුවක් නොවෙනු ඇතැයි ඒ මහතා පැවසී ය.
අවශ්‍ය වුවහොත් ශවේන්ද්‍ර සිල්වා මහතාට අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් යැයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
- Monday
- February 17th, 2025