සියලු දෙනාට පිළිගත හැකි පදනමක් මත බලය බෙදා හැරීමකට දෙමළ ජාතික සන්ධානය එකඟ වීමේ අවශ්‍යතාව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටී.
ඊයේ (28 ඔක්.) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු පෙන්වා දුන්නේ මෙම රාමුව තුළ ගෙනෙන ඕනෑම වැඩපිළිවෙළකට එක්සත් ජාතික පක්ෂය සහය දෙන බවයි.
මේ අතර ඊයේ කොළඹදී ආරම්භ වන ගෝලීය ක්‍රියාමාර්ග සඳහා වන පාර්ලිමේන්තු සභිකයින්ගේ සම්මේලනයේ 33 වන වාර්ෂික සැසිවාරයට පැමිණි විදෙස් නියෝජිත පිරිසක් ඊයේ පෙරවරුවේ විපක්ෂ නායකවරයා හමු විය.
Loading...